
I සකීෆ් සාම් තන්වීරි
පළාත් සභා කොට්ඨාස සීමා නීර්ණය මසකින් අවසන් කළ හැකි බව පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නීර්ණය කමිටුවේ හිටපු සභාපති අශෝක පීරිස් මහතා පැවසීය.
ඔහු ඒ බව පැවසුවේ යෝජිත නව ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව කොට්ඨාස බෙදීම සඳහා ගතවිය හැකි අවම කාලය කොපමණ දැයි දේශය කළ විමසුමට පිළිතුරු දෙමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පැවසුවේ එක් එක් පළාත් බෙදිය යුතු කොට්ඨාස සංඛ්‍යාව හා කොට්ඨාස බෙදිය යුතු නිර්ණායක තවම තීරණය කර නොමැති බැවින් ගතවිය හැකි කාලය නිශ්චිතවම කීම තරමක් අපහසු බවයි.
පළාත් පාලන ආයතන සීමා නීර්ණය කළ සිතියමක් මේවනවිටත් මිනින්දෝරු දෙපාර්තුමේන්තුව සතුව තිබෙන නිසා අලුතින් සිතියම් ඇඳීමට සිදුනොවන බවද ඒ මහතා කීවේය. එමනිසා සීමා නීර්ණය අවසන් කිරීමට වැඩි කලක් ගත වන්නේ නැතැයි ද ඔහු අවධාරණය කළේය